Sunday, August 24, 2014


මන් පොඩි කාලේ හිතන් හිටියේ මචන් කිස් කලාම තමයි බබාලා හම්බවෙන්නේ කියලා. දවසක් මායි අපේ අල්ලපු ගෙදරට ඇවිත් හිටපු එයාලා අඳුරන කට්ටියකගේ දුවෙකුයි සෙල්ලන් කර කර හිටියා. එතකොට අපි දෙන්නා හතර වසරේ වගේ ඇති. සෙල්ලන් කර කර ඉද්දි අපි දෙන්නා හැප්පිලා තොල් දෙක වැදුනා. වැදුන ගමන මන් අම්බානෙක බය වුනා. මන් එයාට කිව්වා ඔයාට දැන් බබෙක් හම්බවෙයි අපි දෙන්නගේ තොල් දෙක වැදුනනේ කියලා. ඒකි කියනවා ෂොයිනේ මට එතකොට බෝනික්කව විසික් කරලා බබා එක්ක සෙල්ලන් කරන්න පුළුවන් කියලා.
මන් ඒකිට ගිහින් කට හෝදන්න කියලා සිය සැරයක් විතර කිව්වා ඒකි ඇහුවෙම නැ. ඊටපස්සේ මට මල පැනලා ඒකිට ගැහුවා ඒකිත් මට ගැහුවා. දැන් දෙන්නම බිම පෙරලි පෙරලි ගහගන්නවා. කොහොමහරි මන් ඒකිට අම්බානෙක ගහලා එක කකුලකින් ඒකිව ඇදගෙන ගියා ටැප් එකක් ලඟට කට හෝදන්න, ඇයි මන් හිතන් හිටියේ එහෙම වුනාම බබාලා හම්බවෙනවා කියලනේ. ඒකි යක්ෂනියක් වගේ බෙරිහන් දිදි කෑගැහැව්වා මන් ඇදන් යද්දි. ඒ සද්දෙට අපේ අම්මලයි එයාලගේ ගෙදර අයයි අහල පහල අයයි ඔක්කොම දුවන් ආවා.
කට්ටිය එකතු වෙලා දෙන්නව බේරලා දෙපැත්තට දාලා මගෙන් ඇහුවා ඇයි ගහන්නේ කියලා. මන් ඉතින් කිව්වා මෙහෙම තොල් දෙක වැදුනා මට තාත්තා කෙනෙක් වෙන්න බැ මෙයාට කට හෝදන්න කිව්වම කරන්නේ නැ කියලා. කට්ටිය දැන් හක හක ගගහා හිනාවෙනවා මට තවත් මල. මට තරහා වැඩි කමටම ඇඬෙන්න පටන් ගත්තා. දැන් මන් අඬනවා අරකිගේ කට හෝදන්න කියලා ඒකි අඬනවා කට හෝදන්න බැ ඒකිට බබෙක් ඕනේ කියලා. එක විකාරයයි දැන් මුළු පැත්තෙම.
මන් එක දිගට බිම පෙරලි පෙරලි ඇඬුවා ඒකිට කට හෝදන්න කියලා. පස්සේ ඒකිගේ නැන්දා වතුර කෝප්පයක් අරන් ඇවිත් අරකි බැ බැ කියද්දි දෙකක් දීලා කට හේදෙව්වා. ඊටපස්සෙ මන් බිම බලන් හොරෙන් හිනා වෙවි ගෙදරට ආවා ඒකි අඬ අඬ ගෙදරට ගියා. ඊට පස්සෙත් අපි පොඩි කාලෙදි ඒකි ආවා අපේ පැත්තට පස් හය පාරක් ඒත් ඒ වෙද්දි අපි දෙන්නා සැර තරහාකාරයෝ. මන් ඒකීට ඔරවනවා ඒකි මට ඔරවනවා.
ඊටපස්සේ දවසක් අපි ඕලෙවල් කාලෙදි අහම්බෙන් මූණට මූණ හම්බවුනා එතකොට ඉතින් දෙන්නම දන්නවනේ බබාලා හම්බවෙන්නේ කොහොමද කියලා දෙන්නටම එක පාරට හිනා ගියා ඒත් ලැජ්ජාවට එදා කථා කලේ නැ. අද නුගේගොඩදි අපි දෙන්නා ආයේ අහම්බෙන් හම්බවුනා අදනන් ගොඩක් වෙලා කථා කර කර හිටියා. 

මන් පොඩි කාලේ....

By: Unknown on: 6:28 AM

 ඔන්න දවසක් ගිරවෙකි හිටියලු මු කතා කරන්න හෙම දන්නවලු ..
ගිරවගේ අයිතිකාරයා මුව ගෙදර දොරකඩ කුඩුවක දාල ලු ඇති කලේ ..
ඉතින් ඔය ගේ ඉස්සරහා තියන පාරෙන් යනවලු පෙරේරා කියලා ඇන්ටි කෙනෙක් ... මු හැමතිස්සෙම එ ඇන්ටිව දැක්කම

අපෝ පෙරේරා ඇන්ටිගෙ කැත විතරක්..
කියලා කියනවලු .. හැමදාම උදේට වැඩටයනකොට ගිරවා මේ විදිහට කියන නිසා මේ ඇන්ටිට තරහා ගිහින් ගෙදර අයිති කාරයට කිවලු ..
ඔයාලගෙ ගිරවා අපිට හෙන කරදරයක් ..සතෙක් ඇති කරනවනම් අනුන්ට කරදරයක් ඇති නොවෙන්න ඇති කරන්න .. අරකයි මේකයි කියලා බැන්නලු
ඔන්න ඉතින් ගිරවගෙ අයිතිකාරයට මල පැනලා ගිරවව දවස් ගානක් ගේ ඇතුලේ හිර කරලා තිබ්බලු ..
ඉටපස්සෙ ආයි උ පවු කියලා .. උට අවවාද කලාලු ආයි කවදා හරි පෙරේරා ඇන්ටිට කැතයි කිවොත් කලුවර කාමරේක දාලා කුඩු කරලා කන්නවත් දෙන්නෙ නැ කියලා ගිරවව බය කලාලු ... ඉතින් ගිරවත් බය උනාලු ..ඉටපස්සෙ ගිරවා පොරොන්දු උනාලු ආයි කවදාවත් පෙරේරා ඇන්ටිට කැතයි කියන්නෙ නැ කියලා ...
ඔන්න පහුවෙනිද මු ආයි දොරකඩ කුඩුවක දැම්මලු ... වෙනදා වගේම පෙරේරා ඇන්ටි පාරේ යනවලු .. එතකොට ගිරවා කියනවලු
ආ පෙරේරා ඇන්ටි කියන්න ඔනේ නැ නේ ඉතින් :D 

පෙරේරා ඇන්ටි

By: Unknown on: 6:09 AM

 ඔන්න බන්ටි කියල පොරක් හිටියලු.. (මං නෙවෙයි) මේ මනුස්සයට වැඩිය English එහෙම බැරිලු... ඉතින් බන්ටියත් නිකන් ඉන්න එකේ ආසාවට වගේ ගියාලු මුහුදු වෙරළකට, ගිහිල්ල පොල් ගහක් යට හෙවනේ පැදුරක් එලාගෙන විවේකීව ඉන්නවලු . බන්ටි එහෙම ඉන්නවා දැක්ක සුද්දියෙක් බන්ටිගේ ලගට ඇවිල්ල “ආ යූ රිලැක්සින් ?” කියලා ඇහුවලු.
“නෝ අයෑම් බන්ටි” කියල ආඩම්බරෙන් කිව්වලු
ආයේ ටික වෙලාවකින් සුද්දෙක් ඇවිල්ල ඇහුවලු
“ආ යූ රිලැක්සින් ?”
“නෝ අයෑම් බන්ටි”
මේ වගේ හතර පස් දෙනෙක්ම ඇවිල්ල බන්ටිගෙන් මේ ප්රවශ්නෙම ඇහුවලු. ඉතින් මල පැන්න බන්ටිය පැදුරත් අකුලගෙන වෙන තැනකට යද්දි දැක්කලු මූ වගේම ගහක් යට හෙවනේ විවේකීව ඉන්න කොල්ලෙක්ව. අර ප්රලශ්නෙම මේ කොල්ලගෙන් අහන්න බන්ටියට හිතුනලු, ඉතින් මූ ලගට ගිහිල්ල ඇහුවලු
“ආ යූ රිලැක්සින් ?”
“යර්ස්, අයෑම් රිලැක්සින්” කියලා අර කොල්ල කිව්ව ගමන් බන්ටියට තවත් මල පැනල අර අහිංසකයට කෑගැහුවලු..
“තමුසෙ මහ යකාගේ මිනිහෙක්නේ ඕයි. අන්න අරහෙ තමුසෙව හොයනවා, තමුසෙ ගානක්වත් නැතුව මෙතෙන්ට වෙලා ජොලියේ ඉන්නවා...........

Are you relaxing?

By: Unknown on: 6:01 AM

ඔන්න මචන්ලා මේක පොලොසිය ගැන කථාවක්. ඕඕඕඕඕන් කලින්ම කිව්වා මම නම් අයුධනම් කොහෙවත් හන්ගල නෑ ඕඔන්.
ඔන්න ඉතින් පොලොසියට කට්ටිය මදි වෙලා intew එකක් ලු ඈ
oic; හා අධ්යාපන සහතික නම් හොදයි.අපි සමාන්ය දැනීම ටිකක් බලමු... කියමු බලන්ඩ ගුරුත්වාකර්ශනය හොයගත්තෙ කව්ද කියල?
A; (ටිකාක් කල්පනා කරලා එහෙම) අය්සැක් නිව්ට්න්
oic; හ්හ්ම් හොදයි.එහෙනම් කියන්ඩ බලන්ඩ ගම් පෙරලිය ලිව්වෙ කව්ද කියල?
A; (ටිකාක් කල්පනා කරලා එහෙම)(ඔව් ඔව් බන් ඒ පාරත් කල්පනා කරා බන්) මාර්ටින් වික්‍රමසිංහ.
oic; හ්හ්ම් ඒකත් හොදයි. අවසාන එක කියමු බලන්ඩ අමාවතුර ලිව්වෙ කව්ද කියල??
(ඩැල් එක කල්පනා කරන කොටම oic ගාව තිබුන ෆොන් එක ring උනා.ඒකට උත්ත්ර දිිපු oic මහත්ත්යා pc කෙනෙක්ට අඩ ගහලා,,
oic ; pc මම හදිස්සි ගමනක් යනවා මම එනකන් මෙයගෙන් අමාවතුර ලිව්වෙ කව්ද කියල අහල තියගන්නවා. මෙහෙම කියලා oic මහත්ත්යා ගියාලූ ඕඔන්.
......
.
.
.
ටිකකින් oic මහත්ත්යා අවලු..(oic මහත්ත්යා එනකොට pc මෙසේ උඩ ඉදගෙන බැටන් පොල්ල අතෙ තියන් උඦාරුවට ඉන්නවලු. intew ආපු ඩැල් එක පුටුවකුත් කඩාගෙන බිමලු. shirt එකත් ඉරිලලු.
oic;(පුදුමෙන්) මොකද pc මේ...........??
pc( හොදට ඇගට අරන්); oic මහත්ත්යලා මුන්ව හුරතල් කරනවනේ.. දෙකයි අන්නෙ මු පිලිගත්තා මු තමය් අමාවතුර ලිව්වෙ කියල

පොලිසියේ interview එක

By: Unknown on: 5:37 AM

ඔන්න ඉතින් තවත් කතාවක් ලියන්ට තමා කල්පනා කරේ...මේකත් ඇත්තම සීන් එකක්.
දන්නවනේ අපේ ආතල්ම කාලේ තමා ඉස්කෝලේ කාලේ..එකෙත් අ.පො.ස.උ.පෙ. අවුරුදු දෙක තමා ඉතින් ඔය කාගේ කාගේත් ෆන්ම කාලේ. මේක අපේ ප්‍රාන්තේ පැත්තේ කතාවක්. ඔය නගරේ ලොකු ඉස්කෝලෙකට ගියපු නිමල් කොලුවා ඔන්න ගණිත අංශයෙන් උ.පෙ. කරනවා. ඔය අවුරුදු දෙකේ අන්තිමට කරලා භාර දෙන්න ඕන නේ ප්‍රොජෙක්ට් එකක්. ඕක ඉතින් මතක් වෙන වෙලාවට අපේ බන්දුල ගුණවර්ධන මාමගේ හත්මුතු පරම්පරාවටම කිබුහුම් යනවා එකෙන්ම. මොකද අපේ වුන් අධ්‍යාපනේට තියෙන දැඩි ඇල්ම නිසා පින්දෙනවා නේ උන්නාන්සේට. ඉතින් කොහොමින් කොහොම හරි නිමල් කොලුවටත් ඕකක් කරන්න වුනා. ඔය අපේ ගුරුභාවතෝ කොච්චර වේලපහ කිවුවත් අපි ඉතින් "අවසාන මොහොත මාගේ - පෝරකය දෑස මානේ " කියාගෙන ඕක අවසාන තත්පරේ, අන්ධ වූ දෙසවනින් යුක්තව ගිහන් නේ භාර දෙන්නේ. මොකෑ ගුරු උත්තමයා දෙන දේශනාව අහං ඉන්න එක ලේසි කෙලියක්ද? ඉතින් නිමල් කොලුවා දහ අතේ කල්පනා කොරනවා මොකක්ද කරන්නේ කියලා. උ.පෙ. බොක්කෙන් නොකරන එකේ ඕකවත් බොක්කෙන් කොරන්න හිතාගෙන බලනවා ටොපික් එකක්. ඔලුවට එන්නෙම වෙන වුන් කරන ඒවමයි. මක් කොරන්ටෙයි ඉතින් බොක්ක පැත්තකට දාල හොයනවා නූල් සූත්තරයක්. ඔන්න ඉතින් ඒවාට නම් නැවුම් අදහස් එනවා නිකන් තෝමස් අල්වා එඩිසන්ට වගේ. ලෝකේ පෙල්ලගෙන මතක් කොරනවා පහුගිය අවුරුදු වල උ.පෙ කරපු අයියලා අක්කලා ..... ඔය ඉන්නේ කෙලියකට. හතරවරන් ගහලා නම්බර් එහෙමත් හොයාගෙන ඔන්න පිණ්ඩපාතේ යනවා .... ගහෙන් වැටුන මිනිහට මොකෙක්දෝ එකෙක් කෙලියා වගේ , හැම එකාගෙම ඒවා එක්කෝ ඉස්කෝලේ,නැත්තනම් කාටද දීලා. දාපු තැන මතක නෑ.. විකාර කෝටියයි. ඔන්න ඉතින් මහා බ්‍රහ්මයාගේ පශ්චාත් බාගේ උනුවෙලාද කොහෙද අක්කියෙක් සෙට් කොරල දෙනවා වැඩේ කොරගන්ට. ඔහ්..වැඩේ කිවුවේ ප්‍රොජෙක්ට්ටුවක් තියෙන. ඉතින් බයිසිකොල් රාජයා පදවාගෙන ගිහින් අරන් ආපි බාන්ඩේ.. අග මුල මාරු කරලා ශේප් වෙන්න හිතන් ගෙනාවට මොකෝ හැම කොලේම ටීචර් නෝනා කණ අත්සන ගහලා. දැන් ඉතින් උපන්ගෙයි පුරුදු වැඩේ කොරන්න හිතාගෙන කොළ මිටියක් හෙම ගෙනල්ලා ගහපි කොප්පරේ... දන්න කැටයම් ශිල්ප ඔක්කොම දාල කාමරේ දොරත් වහගෙන ලියනවා ලිවිල්ලක් ඇඩේන්න... අම්මත් තේ කොපි බිස්කට් මෙසේ වටේම පුරවලා කොලුවාගේ උනන්දුව දැකලා. ගූගල් දෙය්යගේ හා පොටෝෂොප් මාමගේ පිහිටෙන් හින්දුස්ථාන් කවරෙකුත් හදාගෙන කොළ මිටියත් අරන් අවසන් වැඩ ටික කොරගන්න යනවා ප්‍රින්ට් ෂොප් එකකට. ගියේ බස් එකේ එන්නේ පයින්. දතුත් ගලවලා ඉරිච්ච පොකට්ටුවත් හූරලා මුළු අවුරුද්දෙම ලාබෙ නිමල් කොලුවගෙන් අරගෙන. මක් කොරන්ටෙයි කරපු පවට නාඩන් දේවතාවියේ කියල පාන්දරම ගිහින් ඔන්න භාරදීලා ෆුල් හැපී එකේ තාප්පේ හරහා ගෙදර එනවා.
ඔන්න දවසක් උදේ පංති භාර සර් ඇවිත් කට්ටියගෙම ප්‍රොජෙක්ට් ලකුණු දාලා හරි වැරදි බලලා ආයෙම දෙනවා.
සර්--- නිමල්..!!
නි--- සර්..
සර්-- ශාහ්..නට නට හිටියට මොකෝ හොදට කරලනේ.. මෙහෙ එන්නකෝ.
(අප්පට සිරි පට්ට හැපී කොල්ලට. සර් ලගට කොහොම ගියාද මන්දා.. අන්තිම පේලියේ ඉදන් යන්නත් එපැයි...)
සර්-- මාතෘකාවත් හොදයි ...කරුණු පෙලගස්සපුවත් හොදයි... වැඩෙත් පිරිසිදුයි... පොඩි අවුලකට තියෙන්නේ........ ස්තුතිය සන්ඝමිත්තෙට දීපු එක තමා....
--- හතිලවුවට ගහපු කලාබරේ...මල ජන්ජාලයි.....හුටප්පර ලෝකයයි.... නිදිමතේම කෙලලා නේද තාප්පෙට... දිල්ෂානය දිල්ස්කූප් එකෙන් හයක් ගහපු වගේ ඔක්කොම වුන් උඩ පැන පැන හිනාවෙනවා.... දෝතින්ම ගත්ත ප්‍රොජෙක්ට්ටුවත් අරන් බොදවුන දෑසින් , නයෙක් පොලගෙක් දැක්ක වගේ දාඩිය පෙරාගෙන අමාරුවෙන් පුටුවට බරවුනේ සුනාමිට අහුවෙච්ච බහුදින යාත්‍රාවක් වගේ...

(උපුටා ගැනීමකි)

A/L project එක

By: Unknown on: 5:23 AM

Tuesday, August 19, 2014

පළමුවෙන්න අපි බ්ලොග් එකක් හදන්න නම් අපි සතුව Google Account එකක් තිබෙන්න අවශ්‍යයි.....මෙම බ්ලොග් සේවාව සපයන්නෙත් අන්තර්ජාලයේ දැවන්තයා වන Google සාමාගමින්ය.....අපි දැන් මේ Google Account එක ආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......

පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙනම වැඩේ කරගෙන යමු නේද? නැතිනම් කරකෝලා ඇතෑරියා වගේ තියෙයි, වැඩේ මැදින් පටන් ගත්තොන්  මෙන්න ලින්ක් එක කලික් කරලා බ්ලොගර් වලට යන්න...........www.blogger.com

දැන් ඔබට පහනිත් තිබෙන රූපයේ ආකාරයේ වෙබ් පිටුටක් දැකගන්න පුළුවන්.......මෙහි රතු වර්ණයෙන් කොටු කර තිබෙන Get Started Button එක උඩ ක්ලික් කරන්න........






දැන් ඔබට Google Account නිර්මාණය කරගැනීමට අවශ්‍ය දත්ත ඇතුළත් කළ යුතුය....ඉතින් ඔයාලට මේ Google Account එකක් සාදාගැනීමට අවශ්‍ය වන පළමු සුදුසුකම -මේල් එකක් තිබිය යුතුවීමයි.....මෙම තොරතුරු ටික නිවැරදිව පුරවාගැනීමට පහත පින්තූර උපකාරට ගන්න.......

 දැන් ඔබට ඉහතින් මේනවා ඇති...ඉහත තොතරතුරු ටික ඇතුලත් කරගන්නා අකාරය....අහ්, ඔයාලට පේනවා නේද? මම පොඩි කොටු දෙකක් දාලා තියෙනවා, ඒ ස්ථාන වලට අපි එකට වෙනවා කියලා හරි ලකුනක් දාගන්න ඔනේ.....ඒ නිසා ඒ දැන දෙකටත් හරි ලකුනක් දාන්නකෝ....මේ සියලුම තොතුරු නිවැරදිව ලබා දෙන්න......තොරතුරු ටික ලබා දීලා ඉවර නම්, CONTINUE බට්න් එක ක්ලික් කරන්න.....දැන් ඔබට පහත තිබෙන විදිහට අලුත් වෙබ් පිටවක් ලැබෙයි......




ඉහත තිබෙන විදිහට මේ තොරතුරු ටිකක් ලබා දෙන්න, Blog Address ලෙස තිබෙන ස්ථානට නමක් ලබා දෙන්න....ඒක තොරගන්න ඔයාට පූර්ණ අයිතිය තියෙනවා කැමති එකක්, හැබැයි කලින් භාවිතා නොකල එකක්....ඔයා Blog Addressඑක ලබාදී Check Availability ලින්ක් එක කිල්ක් කර ඔයා තොරගත්ත බ්ලොග් ලිපිනය වෙනත් කෙනෙක් භාවිතා කරන එකක්ද? කියලා බලාන්න පුළුවන්....ඉතින් ඒක වෙන කෙනෙක් කලින් අරන් නම් අපිට ගන්න බෑ....ඒ නිසා වෙන කෙනෙක් භාවිතා නොකරන එකක් තෝරගන්න, පහලින් ලිබෙන පිංතුරේ තියෙන අකුරු ටික එතන තිබෙන Text Box එක මත ටයිප් කරලා CONTINUE බට්න් එක ක්ලික් කරන්න.......දැල් බලන්නේ ඔයාට තවත් වෙබ් පේජ් එකක් ලැබෙයි.....




මෙතන කරන්න ඕන දේ, පිංතුරයෙත් කියලා තියෙනවා, අහ් කමක් නෑ...මෙතනින් ඔයා ඔයාගේ බ්ලොග් එකට Template එකක් තෝර ගන්න ඕනෙ....ඔයට හොදයි, ලස්සනයි කියලා හිතෙන එකක් තෝරගෙන CONTINUE බට්න් එක ක්ලික් කරන්න......


දැන් ඔයා පේනවා නේද? Your blog has been Created....අහ්, එන්න අපි බ්ලොග් එක හදාගෙන ඉවරයි, සිම්පල් කේස් එකක් නේද? ඒකනේ.....ඔන්න එද ඉදන් ඔයාලගෙම බ්ලොග් එකක පටන් ගන්න අද මම කියලා දුන්නා......අහ්, මෙතන තියෙන START BLOGGING බට්න් එකකත් එහෙනම් ක්ලික් කරන්නකෝ......දැන් පහත රූපයේ තිබෙන වෙබ් පිටුවක් විවෘත වේවි.......(පරිගණක ලිපි නම නෑ හොදේ.......හික්.....)


Design Tab එක කලික් කරන්න කියලා, ඉහත රූපෙන් කියලා තියෙනවා.....එහෙනම් ඒකත් ඉතින් ක්ලික් කරන්නකෝ............පහත පින්තූරයත් බලන්න.....


අහ්, මෙන්න ඔයාගේ බ්ලොග් එකේ Design View එක.....ඉතින් මෙතනින් තමයි අපි අපේ බ්ලොග් එක ලස්සන කරන්න අවශ්‍ය ගොඩක් දේවල් කරගන්නේ, ඔයාට පේනවා නේද? දකුනු පසින් තිබෙනවා Add Gadget කියලා, අහ්.....මේකෙත් තමයි අපි පේජ් එක ගොඩක් ලස්සන කර ගන්න විවිද කෑලි බෑලි ටිකක් එකතු කරගන්නේ.....ඉතින් ඒකත් කියලා දෙන්නම්කෝ........Add Gadget මත ක්ලික් කරන්නකො.......


ක්ලික් කලාම මේ වගේ, වින්ඩෝ එකක් එයි, ටිකක් බලන්න මෙතන ස්ක්‍රෝල් කරලා....ගැජට් ගොඩක් තියෙනවා....ඔයාට බ්ලොග් එකට එකතු කරගන්න ඕන ගැජට් එකට දකුනු පැත්තෙන් තිබෙන + ලකුන ක්ලික් කරන්න......බලන්න පේජ් එක ටිකක් වෙනස් වෙනවා,  මේ විදිහ නම් ගැජට් එකෙන් ගැජට් එකට වෙන්ස් වෙනවා, මොකට මෙතන තියෙන්නේ අදාල ගැජට් එකට අවශ්‍ය ඔප්ෂන් ටික නිසා..... ඔයාට ඕන විදිහට ඔප්ෂන් ටික වෙනස් කරගෙන හරි, ඩිෆෝල්ට් තියෙන විදිහට තියෙගෙන Add බට්න් එක කිල්ක් කරන්න....

ඔන්න ඉතින් අපි බ්ලොග් එකකුත් හදා ගත්තා.....බ්ලොග් එකකට Gadget එකක් දාන විදිහත් කියලා දුන්නා....කොහොමද? හොදයි නේද?......එහෙනම් ඔන්න මගේ වැඩේ මම කලා, ඔයාලට තියෙන්නෙ කියවලා, කමෙන්ට්, ලයික් පාරක් දාලා යන්න.....හොදේ.......ස්තූතියි!!!.....සුභ දවසක්.......

Blog එකක් හදන්නේ මෙහෙමයි.

By: Unknown on: 4:14 AM

Sunday, August 17, 2014

Skype New Version

ළඟම කෙනෙක් රැකියාව සඳහා පිටරට ගියාම හෝ,දුර බැහැර ප්‍රදේශයකට ගියාම හෝ,නිතර මුණ ගැසීමට නොහැකි අයට ඒ අයව බලන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද නේද?ඒ සඳහාම කියාපු මෘදුකාංගයක් තමයි skype කියන්නේ.එහෙනම් පහල තියෙන image ඒක click කරලා බාගන්නකෝ.

 http://adbla.us/0fXYE

Skype

By: Unknown on: 7:59 PM
Adf.ly වලින් මුදල් උපයන හැටි මුල සිටම.

ඔන්න යාලුවනේ මම බ්ලොග් ඒක පටන් ගන්න යන්නෙම ඔයාලට කියක් හරි හොයල දෙන්න පුළුවන් විදියට.ඔයාල මේගැන අහල ඇති ගොඩක් දුරට.කමක් නෑ.අහල නැති අයත් ඇතිනේ.හරි වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගමු.

Adf.ly කියන්නේ කාට ඕන දෙයක් (චිත්‍ර පටයක්,පින්තුර,මෘදුකාංග,කාටුන් වගේ)තියෙන ලින්ක් එකක් අපි Adf.ly හරහා කෙටි කරලා ඒ යට බලන්න දෙනවා.එතකොට ඒවා ඕන ය අපි අර දුන්නු ලින්ක් එකෙන් ගියාම මුලින්ම තප්පර 5ක advertsement එකක් පෙන්නනවා.ඊට පස්සේ ඔරිජිනල් ලින්ක් එකට යනවා.මේකෙන් දෙපාර්ශවයටම ඕන දේ ඉටු වෙනවා.

එහෙනම් මුලින්ම පහල තියෙන බැනර් ඒක click කරලා register වෙන්න.

http://adf.ly/?id=7554534

ඕක click කරාම පහල තියෙනවා වගේ window එකක් එයි.
 
ඔකේ වම් පැත්තේ පහලින් තියෙන Join Now කියන කහපාට කොටුව click කරන්න.
මේ වගේ එකක් පුරවන්න ඒවි.


http://adf.ly/?id=7554534 

ඊට පස්සේ ඔකේ ඇත්තම විස්තර දාල පුරවන්න.මොකද සල්ලි එන්නේ ඒ විස්තර වලට අදාලව නිසා.

ඒක පුරවනකොට Account Type එකට link shrinker:create shortened URLs and earn money කියන ඒක දෙන්න.
ඊට පස්සේ join Click කරන්න.
දැන් ඔයාගේ ඊ මේල් එකට ලින්ක් එකෙන් Account එක Confirm කරන්න.
දැන් වැඩේ හරි.
ඊට පස්සේ adf.ly website එකට log
 වෙලා ඇති තරම් ලින්ක් කෙටි කරලා facebook,twitter,Google+වගේ ඕනෑම තැනක ඒ ලින්ක් දාන්න.
ඉතින් සල්ලි තමයි.

Adf.ly වලින් පහසුවෙන් මුදල් ගන්නේ මෙහෙමයි.

By: Unknown on: 4:34 AM

 

Our Team Members

Copyright © Onadeyak ඕනදෙයක් | Designed by Templateism.com | WPResearcher.com