දන්නවනේ අපේ ආතල්ම කාලේ තමා ඉස්කෝලේ කාලේ..එකෙත් අ.පො.ස.උ.පෙ. අවුරුදු දෙක තමා ඉතින් ඔය කාගේ කාගේත් ෆන්ම කාලේ. මේක අපේ ප්‍රාන්තේ පැත්තේ කතාවක්. ඔය නගරේ ලොකු ඉස්කෝලෙකට ගියපු නිමල් කොලුවා ඔන්න ගණිත අංශයෙන් උ.පෙ. කරනවා. ඔය අවුරුදු දෙකේ අන්තිමට කරලා භාර දෙන්න ඕන නේ ප්‍රොජෙක්ට් එකක්. ඕක ඉතින් මතක් වෙන වෙලාවට අපේ බන්දුල ගුණවර්ධන මාමගේ හත්මුතු පරම්පරාවටම කිබුහුම් යනවා එකෙන්ම. මොකද අපේ වුන් අධ්‍යාපනේට තියෙන දැඩි ඇල්ම නිසා පින්දෙනවා නේ උන්නාන්සේට. ඉතින් කොහොමින් කොහොම හරි නිමල් කොලුවටත් ඕකක් කරන්න වුනා. ඔය අපේ ගුරුභාවතෝ කොච්චර වේලපහ කිවුවත් අපි ඉතින් "අවසාන මොහොත මාගේ - පෝරකය දෑස මානේ " කියාගෙන ඕක අවසාන තත්පරේ, අන්ධ වූ දෙසවනින් යුක්තව ගිහන් නේ භාර දෙන්නේ. මොකෑ ගුරු උත්තමයා දෙන දේශනාව අහං ඉන්න එක ලේසි කෙලියක්ද? ඉතින් නිමල් කොලුවා දහ අතේ කල්පනා කොරනවා මොකක්ද කරන්නේ කියලා. උ.පෙ. බොක්කෙන් නොකරන එකේ ඕකවත් බොක්කෙන් කොරන්න හිතාගෙන බලනවා ටොපික් එකක්. ඔලුවට එන්නෙම වෙන වුන් කරන ඒවමයි. මක් කොරන්ටෙයි ඉතින් බොක්ක පැත්තකට දාල හොයනවා නූල් සූත්තරයක්. ඔන්න ඉතින් ඒවාට නම් නැවුම් අදහස් එනවා නිකන් තෝමස් අල්වා එඩිසන්ට වගේ. ලෝකේ පෙල්ලගෙන මතක් කොරනවා පහුගිය අවුරුදු වල උ.පෙ කරපු අයියලා අක්කලා ..... ඔය ඉන්නේ කෙලියකට. හතරවරන් ගහලා නම්බර් එහෙමත් හොයාගෙන ඔන්න පිණ්ඩපාතේ යනවා .... ගහෙන් වැටුන මිනිහට මොකෙක්දෝ එකෙක් කෙලියා වගේ , හැම එකාගෙම ඒවා එක්කෝ ඉස්කෝලේ,නැත්තනම් කාටද දීලා. දාපු තැන මතක නෑ.. විකාර කෝටියයි. ඔන්න ඉතින් මහා බ්‍රහ්මයාගේ පශ්චාත් බාගේ උනුවෙලාද කොහෙද අක්කියෙක් සෙට් කොරල දෙනවා වැඩේ කොරගන්ට. ඔහ්..වැඩේ කිවුවේ ප්‍රොජෙක්ට්ටුවක් තියෙන. ඉතින් බයිසිකොල් රාජයා පදවාගෙන ගිහින් අරන් ආපි බාන්ඩේ.. අග මුල මාරු කරලා ශේප් වෙන්න හිතන් ගෙනාවට මොකෝ හැම කොලේම ටීචර් නෝනා කණ අත්සන ගහලා. දැන් ඉතින් උපන්ගෙයි පුරුදු වැඩේ කොරන්න හිතාගෙන කොළ මිටියක් හෙම ගෙනල්ලා ගහපි කොප්පරේ... දන්න කැටයම් ශිල්ප ඔක්කොම දාල කාමරේ දොරත් වහගෙන ලියනවා ලිවිල්ලක් ඇඩේන්න... අම්මත් තේ කොපි බිස්කට් මෙසේ වටේම පුරවලා කොලුවාගේ උනන්දුව දැකලා. ගූගල් දෙය්යගේ හා පොටෝෂොප් මාමගේ පිහිටෙන් හින්දුස්ථාන් කවරෙකුත් හදාගෙන කොළ මිටියත් අරන් අවසන් වැඩ ටික කොරගන්න යනවා ප්‍රින්ට් ෂොප් එකකට. ගියේ බස් එකේ එන්නේ පයින්. දතුත් ගලවලා ඉරිච්ච පොකට්ටුවත් හූරලා මුළු අවුරුද්දෙම ලාබෙ නිමල් කොලුවගෙන් අරගෙන. මක් කොරන්ටෙයි කරපු පවට නාඩන් දේවතාවියේ කියල පාන්දරම ගිහින් ඔන්න භාරදීලා ෆුල් හැපී එකේ තාප්පේ හරහා ගෙදර එනවා.
ඔන්න දවසක් උදේ පංති භාර සර් ඇවිත් කට්ටියගෙම ප්‍රොජෙක්ට් ලකුණු දාලා හරි වැරදි බලලා ආයෙම දෙනවා.
සර්--- නිමල්..!!
නි--- සර්..
සර්-- ශාහ්..නට නට හිටියට මොකෝ හොදට කරලනේ.. මෙහෙ එන්නකෝ.
(අප්පට සිරි පට්ට හැපී කොල්ලට. සර් ලගට කොහොම ගියාද මන්දා.. අන්තිම පේලියේ ඉදන් යන්නත් එපැයි...)
සර්-- මාතෘකාවත් හොදයි ...කරුණු පෙලගස්සපුවත් හොදයි... වැඩෙත් පිරිසිදුයි... පොඩි අවුලකට තියෙන්නේ........ ස්තුතිය සන්ඝමිත්තෙට දීපු එක තමා....
--- හතිලවුවට ගහපු කලාබරේ...මල ජන්ජාලයි.....හුටප්පර ලෝකයයි.... නිදිමතේම කෙලලා නේද තාප්පෙට... දිල්ෂානය දිල්ස්කූප් එකෙන් හයක් ගහපු වගේ ඔක්කොම වුන් උඩ පැන පැන හිනාවෙනවා.... දෝතින්ම ගත්ත ප්‍රොජෙක්ට්ටුවත් අරන් බොදවුන දෑසින් , නයෙක් පොලගෙක් දැක්ක වගේ දාඩිය පෙරාගෙන අමාරුවෙන් පුටුවට බරවුනේ සුනාමිට අහුවෙච්ච බහුදින යාත්‍රාවක් වගේ...
(උපුටා ගැනීමකි)
A/L project එක
Views:
Category:
Funny Stories
0 comments:
Post a Comment